චීනයට නාසා ආයාතනයේ දොර වැසෙයි

චීන ජාතිකයින් සිය අභ්‍යවකාශ වැඩසටහන්වලට දායක කර ගැනීම අත්හිටුවීමට නාසා ආයාතනය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. අමෙරිකාව සහ චීනය අතර තීව්‍ර වන අභ්‍යවකාශ තරඟය එමඟින් නැවත වරක් ගම්‍ය වන බවයි එම වාර්තා පෙන්වා දෙනේනේ. වලංගු වීසා සහිත චීන ජාතිකයින් නාසා ආයතනයේ වැඩසටහන්වලට සහභාගී වීම තහනම් කර ඇති බවට Bloomberg වෙබ් අඩවිය පළමුව […]

2026 අයවැය නොවැම්බර් 7 වැනිදා

2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව/අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) 2025 නොවැම්බර් 7 වැනිදා සිදු කිරීමටත් අනතුරුව නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 දක්වා විවාදය පැවැත්වීමටත් තීරණය කර තිබේ. මේ අනුව විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා සැප්තැම්බර් 26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මහලේකම්වරිය පැවසුවාය. මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා […]

තඹුත්තේගම ප්‍රදේශයේ නිවසක පුද්ගල මළ සිරුරක්

අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් තඹුත්තේගම ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගෙන ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ 49 හැවිරිදි රාජාංගනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා විශ්‍රාමික ගුවන් හමුදා සෙබළෙක් වන අතර ඔහු සිය බිරිඳගෙන් සහ දරුවාගෙන් වෙන් වී තනිව ජීවත් වී ඇති බව වාර්තා වේ.සිය ස්වාමියා නිවස තුළදීම මිය ගොස් ඇති බවට අදාළ පුද්ගලයාගේ බිරිඳ […]

සිංහ පහරදීමක් නිසා බැංකොක්හි Safari World සත්වෝද්‍යානයක් වසා දමයි

තායිලන්තයේ බැංකොක්හි Safari World සත්වෝද්‍යානයේ සිංහයන් විසින් සත්ව පාලකයෙකුට පහර දී මරා දමා තිබෙනවා. එරට වාර්තා පවසන්නේමෙම සිදුවීම සංචාරකයින් ඉදිරියේ සිදුවී ඇති බවයි. පසුව වනජීවී දෙපාර්තමේන්තුව විසින් එහි ධාවන කලාපය (drive-in zone) නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇති බවයි පැවසෙන්නේ. වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, නරඹන්නන්ගේ ආරක්ෂාව තහවුරු වන තුරු ධාවන කලාපය මෙලෙස වසා තබන […]

ඉන්දුනීසියාවට ගංවතුර ආපදා තත්වයක්

ඉන්දුනීසියාවේ බාලි දූපත්වලට බලපා ඇති ගංවතුර ආපදා තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ආපදා තත්වය හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. එලෙසම විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 500කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවය. මේ වන විට […]

හිටපු ජනාධිපති චන්ද්‍රිකා නිවසින් පිටවිමට සුදානම්- මෛත්‍රීපාල නිල නිවසින් පිටව ගොස්

හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සිය නිල නිවසින් නික්ම යෑමට සුදානම් බව වාර්තා වේ. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල නිවසින් පිටව ගොස් තිබේ. “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව ඇත. මේ අතර හිටපු ජනාධිපති මහින්ද […]

නේපාලයේ අලුත්ම තත්ත්වය මෙන්න

සමාජ මාධ්‍ය වේදිකා 26කට නේපාල රජය පැනවූ තහනමට එරෙහිව එරට තුළ ක්‍රියාත්මක වූ විරෝධතා මාලාව මේ වන විට පාලනය කර ඇති බව වාර්තා වනවා. දූෂණයට එරෙහි විරෝධතා අඟහරුවාදා ගිනි තැබීම් සහ ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වූ අතර ප්‍රකෝප වූ පිරිස් දේශපාලනඥයන්ගේ නිවාස මෙන්ම එරට පාර්ලිමේන්තුව සහ ශ්‍රේෂ්ඨාධිකරණයට ඇතුලු රජයේ ගොඩනැගිලි රැසක් විනාශ කරනු ලැබුවා. එම තත්ත්වය […]

දුම්රිය පීලි පැනීමක් – අනෙකුත් දුම්රියන් ධාවනයටද බාධා

බදුල්ල සිට මහනුවර සහ කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1006 දරණ පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය අද (11) පීලි පැනීමක ට ලක්ව ඇත. පෙරවරු 09.10 ට පමණ බදුල්ල සහ හාළිඇල දුම්රිය ස්ථානයන් අතරදී මෙම පීලි පැනීම සිදුව ඇති බව සඳහන් වේ. මේ හේතුවෙන් එම දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දැනුම් දී ඇත. එලෙසම එම […]

හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුට නිල නිවෙස් අහිමි වෙයි

හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව ඔවුන් යළි රජයට භාරදීමට සිදුව තිබේ. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් මේ වන විටත් නිල නිවාස භාවිත කරනු ලබයි. ඊයේ (10) දිනයේ සම්මත වූ පනතට අනුව ඔවුන්ට එම වරප්‍රසාදය අහිමි වී […]

අමෙරිකාවේ තරුණ දේශපාලන ක්‍රියාකරුවෙකු වු චාලි කර්ක් වෙඩි තබා ඝාතනය කෙරේ

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ සටන වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියාකළ තරුණ දේශපාලන ක්‍රියාකරුවෙකු වු චාලි කර්ක් වෙඩි තබා ඝාතනය කර තිබේ. අමෙරිකාවේ යුටා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක පැවති උත්සවයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චාලී කර්ක් එරට විශ්වවිද්‍යාලවල එළිමහන් විවාද පැවැත්වීම සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියක් උසුලයි. 31 හැවිරිදි වියේ පසු වූ චාලි […]