Advertise here

සිංහ පහරදීමක් නිසා බැංකොක්හි Safari World සත්වෝද්‍යානයක් වසා දමයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 220 Views

තායිලන්තයේ බැංකොක්හි Safari World සත්වෝද්‍යානයේ සිංහයන් විසින් සත්ව පාලකයෙකුට පහර දී මරා දමා තිබෙනවා.

එරට වාර්තා පවසන්නේමෙම සිදුවීම සංචාරකයින් ඉදිරියේ සිදුවී ඇති බවයි.

පසුව වනජීවී දෙපාර්තමේන්තුව විසින් එහි ධාවන කලාපය (drive-in zone) නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇති බවයි පැවසෙන්නේ.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, නරඹන්නන්ගේ ආරක්ෂාව තහවුරු වන තුරු ධාවන කලාපය මෙලෙස වසා තබන බවයි.

මෙම සිදුවීම බැංකොක්හි ක්ලොන්ග් සම් වා දිස්ත්‍රික්කයේ Safari World හිදී ඊයේ දහවල් 12ට පමණ සිදුව තිබෙනවා.

මියගොස් ඇත්තේ 58 හැවිරිදි සත්වෝද්‍යාන අධීක්ෂකවරයෙකු වූජියන් රංඛරාසාමියි.

ඔහු තම වාහනයෙන් බැස, දොර විවෘතව තබා, ප්‍රදේශයේ සතුන් අධීක්ෂණය කරමින් සිටියදී ඔහුට පිටුපසින් සිංහයෙකු පහර දී තිබුණා.

බියට පත් වූ සංචාරකයින් තම මෝටර් රථ තුළ සිටියදී, තවත් සිංහයන් කිහිප දෙනෙකු ඉක්මනින් පැමිණ පහරදීමට එක් වී ඇති බව එරට වාර්තාවල දැක්වෙනවා.

සිංහයන් විනාඩි 15ක් පමණ මෙම පුද්ගලයාට පහර දී තිබෙනවා.

පසුව තවත් සත්ව පාලකයෙකු ඔහු වෙත ළඟා වී ආරක්ෂිත ස්ථානයකට ඇදගෙන ගිය නමුත්ජියන් රෝහලට ගෙන ගියද තුවාල හේතුවෙන් මියගිය බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.

උද්‍යානයට පැමිණෙන අමුත්තන්ට ධාවන කලාපයේ සිටින විටසෑම විටම තම මෝටර් රථ තුළ රැඳී සිටින ලෙස අනතුරු අඟවා තිබෙනවා.

👁️ 220 Views

More News..

Advertise here