වියට්නාමයේ කාන්හෝවා ප්‍රදේශයේ නායයෑමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට කාන්හෝවා ප්‍රදේශයේ ඊයේ (17) ධාවනය කරමින් තිබූ බස් රථයක් මතට නායයෑමට ලක්වූ පස් වැටීම නිසා මෙලෙස ජීවිත හානි වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
පස්වලට යටවීම හේතුවෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බව ද එම වාර්තා පවසනවා.
එරටට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය නිසයි මෙම නායයෑම සිදුව තිබෙන්නේ.
අතුරුදන් වු පුද්ගලයින් සොයා මෙහෙයුම් සිදු කරන බව සඳහන්.
👁️ 6,620 Views