Advertise here

ජාතිවාදයකට යළි ඉඩ තබන්නේ නෑ – ජනපති

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 5,400 Views

ත්‍රිකුණාමලයේ සිද්ධියක් හෝ වෙනයම් ප්‍රයත්නයක් ඉදිරියට ගෙන ජාතිවාදයකට යළි ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ ඝතාන ගැන විමර්ශන කරනවා. ඒක ඝාතනයක් බවට අධිකරණ වාර්තාවලින් තහවුරු වුණා. ඒකට වගකිවයුත්තන්ට විරුද්ධව පියවර ගන්නවා. අධිකරණමය වශයෙන් ඒවාට සාධක සහිතව කරුණු ඉදිරිපත් වේවි.

ලංකාවේ දැන් සිදුවන ඝාතනවල විත්තිකරුවෝ දින 3ක් යන්නට පෙර අපි ඇල්ලුවා. ඒ අන්දමට අපරාධ පරීක්‍ෂණ දැඩිව සිදුවනවා. අපරාධවලට එරෙහිව යුක්තිය ඉටුකිරීමට පැකිලෙන්නේ නැතැයි ද ජනාධිපතිවරයා කීය.

👁️ 5,400 Views

More News..

Advertise here