21 වැනිදා සමහර පක්ෂවල නායකයන් නොපැමිණියත් එම පක්ෂවල සාමාජිකයන් එනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී. වීරසිංහ

21 දාට සමහර පක්ෂවල නායකයන් කොළඹට නොපැමිණියත් එම පක්ෂවල සාමාජිකයන් එදිනට කොළඹට පැමිණෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී. වීරසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ දින (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී වීරසිංහ මහතා මෙසේද පැවසීය. මේ රජය බලයට පැමිණෙන්න පෙර මේ රටේ සියලු‍ම ක්ෂේත්‍රවල ජනතාවට […]

තරුණයෙකු තියුණු ආයුධවලින් පහරදීමෙන් ඝාතනය කෙරේ

අද (19) අළුයම් කාලයේ දී නෙල්ලිඅඩි පොලිස් වසමේ කරණවායි ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු පේදුරුතුඩුව මන්දගායි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ, නෙල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක් වූ තරුණයෙකු බවයි නෙල්ලිඅඩි පොලිසිය සඳහන් කරන්නේ. මරණකරු අළුයම් කාලයේ ලද දුරකතන පණිවිඩයක් මත යතුරුපැදියෙන් නිවසින් පිටව ගොස් ඇති අතර, ඔහු […]

නිසි විසදුමක් ලැබෙනතුරු වෛද්‍ය වෘත්තීය ක්‍රියාමාර්ග දිගටම – වෛද්‍ය චමිල් විජේසිංහ

වෛද්‍ය සේවා කටයුතු කීපයක් සීමාකරමින් පෙරේදා (17දා) සිට දිවයින පුරා රෝහල්වල වෛද්‍යවරුන් ක්‍රියාත්මක කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට රජයේ පාර්ශ්වයෙන් විධිමත් විසඳුමක් ලබාදෙන තෙක් අඛණ්ඩව එම වෘත්තීය ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. කෙසේ වෙතත් දෙවැනි දිනටත් ඊයේ (18දා) ක්‍රියාත්මක කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් රෝගීහු දැඩි අපහසුතාවයට ලක්වූහ. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග […]

වියට්නාමයේ නායයෑමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට

වියට්නාමයේ කාන්හෝවා ප්‍රදේශයේ නායයෑමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට කාන්හෝවා ප්‍රදේශයේ ඊයේ (17) ධාවනය කරමින් තිබූ බස් රථයක් මතට නායයෑමට ලක්වූ පස් වැටීම නිසා මෙලෙස ජීවිත හානි වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. පස්වලට යටවීම හේතුවෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බව ද එම වාර්තා පවසනවා. එරටට බලපා ඇති […]

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය අහෝසියි!

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඊයේ (18) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ පනත සම්මත වීමෙන් පසුව ඉදිරියේදී කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුපක් හිමි නොවන බව කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස මහතා පැවසීය. මෙතෙක් මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප් […]

ජාතිවාදයකට යළි ඉඩ තබන්නේ නෑ – ජනපති

ත්‍රිකුණාමලයේ සිද්ධියක් හෝ වෙනයම් ප්‍රයත්නයක් ඉදිරියට ගෙන ජාතිවාදයකට යළි ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය. තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ ඝතාන ගැන විමර්ශන කරනවා. ඒක ඝාතනයක් බවට අධිකරණ වාර්තාවලින් තහවුරු වුණා. ඒකට වගකිවයුත්තන්ට විරුද්ධව පියවර ගන්නවා. අධිකරණමය වශයෙන් ඒවාට සාධක සහිතව කරුණු ඉදිරිපත් වේවි. ලංකාවේ දැන් සිදුවන ඝාතනවල විත්තිකරුවෝ දින 3ක් යන්නට […]