දෙමහල් නිවසක සිරවී සිටි තිදෙනෙක් බෙල් 212 යානයකින් බේරා ගැනේ

දැදුරු ඔය පිටාර ගැලීම හේතුවෙන් ඇතිවූ ගංවතුරෙන් විපතටපත් මහව ඇල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩු මහල තුළ සිරවී සිටි පුද්ගලයින් තිදෙනෙකු බේරා ගෙන තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරට අනුයුක්ත මුදාගැනීමේ කණ්ඩායම විසින් ගුවන් හමුදාවට අයත් Bell-212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගින් මෙම තිදෙනා නිරුපද්‍රිතව බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.

නුගේගොඩදී එලියට ආ උදිත්ගේ පිස්තෝලය පොලිස් භාරයට.!

පසුගියදා නුගේගොඩ පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සහබාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර සතුව තිබූ පිස්තෝලයක් නුගේගොඩ පොලිස් අපරාධ කොට්ඨාශය විසින් සිය භාරයට ගෙන ඇත. ඒ අනුව, එහි නීත්‍යානුකූලභාවය පිළිබඳව විමර්ශනය කරමින් පවතින බව පොලීසිය සඳහන් කරයි. නුගේගොඩ පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැලිය අතරතුර ඔහු සතුව මෙම ගිනි අවිය තිබූ බවට වීඩියෝ දර්ශන සහ ඡායාරූප පල […]