Advertise here

තඹුත්තේගම ප්‍රදේශයේ නිවසක පුද්ගල මළ සිරුරක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,060 Views

අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් තඹුත්තේගම ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගෙන ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ 49 හැවිරිදි රාජාංගනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා විශ්‍රාමික ගුවන් හමුදා සෙබළෙක් වන අතර ඔහු සිය බිරිඳගෙන් සහ දරුවාගෙන් වෙන් වී තනිව ජීවත් වී ඇති බව වාර්තා වේ.සිය ස්වාමියා නිවස තුළදීම මිය ගොස් ඇති බවට අදාළ පුද්ගලයාගේ බිරිඳ විසින් පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇත.

ඇය පොලීසියට වැඩිදුරටත් පවසා ඇත්තේ සිය ස්වාමිපුරුෂයා මීට දින කිහිපයකට පෙර ඥාතියෙකු සමඟ පවුල් ආරවුලක් ද ඇති කරගෙන ඇති බවය.

පොලීසිය සැක පළ කරන්නේ ඔහු මීට දින කිහිපයකට පෙර මිය යන්නට ඇති බවටයි, සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

👁️ 1,060 Views

More News..

Advertise here