හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සිය නිල නිවසින් නික්ම යෑමට සුදානම් බව වාර්තා වේ.
මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල නිවසින් පිටව ගොස් තිබේ.
“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව ඇත.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් නිල නිවසෙන් පිටව ගියේය.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවේ.
👁️ 1,120 Views