Advertise here

හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුට නිල නිවෙස් අහිමි වෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,200 Views

හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව ඔවුන් යළි රජයට භාරදීමට සිදුව තිබේ.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් මේ වන විටත් නිල නිවාස භාවිත කරනු ලබයි.

ඊයේ (10) දිනයේ සම්මත වූ පනතට අනුව ඔවුන්ට එම වරප්‍රසාදය අහිමි වී තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) දිනයේ නිල නිවසින් පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ. ඔහු හම්බන්තොට කාල්ටන් නිවස වෙත යෑමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති අතර ඊට අදාළ ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 151ක් සහ විපක්ෂව එක් ඡන්දයක් හිමිවුණි.

ඒ අනුව වැඩි ඡන්දයෙන් සම්මත වූ අදාළ පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අත්සන් තබා පනතක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය.

👁️ 1,200 Views

More News..

Advertise here