Advertise here

චීනයට නාසා ආයාතනයේ දොර වැසෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 420 Views

චීන ජාතිකයින් සිය අභ්‍යවකාශ වැඩසටහන්වලට දායක කර ගැනීම අත්හිටුවීමට නාසා ආයාතනය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

අමෙරිකාව සහ චීනය අතර තීව්‍ර වන අභ්‍යවකාශ තරඟය එමඟින් නැවත වරක් ගම්‍ය වන බවයි එම වාර්තා පෙන්වා දෙනේනේ.

වලංගු වීසා සහිත චීන ජාතිකයින් නාසා ආයතනයේ වැඩසටහන්වලට සහභාගී වීම තහනම් කර ඇති බවට Bloomberg වෙබ් අඩවිය පළමුව වාර්තා කළ අතර එක්සත් ජනපද රාජ්‍ය නියෝජිත ආයතනය ද එය තහවුරු කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

තම කාර්යයේ ආරක්ෂාව තහවුරු කිරීම, භෞතික සහ සයිබර් ආරක්ෂණය ආදී කරුණු සැලකිල්ලට ගෙන චීන ජාතිකයින්ට සිය අභ්‍යන්තර කටයුතු හා සම්බන්ධ වීමට අවසර ලබා නොදීමට තීරණය කර ඇති බව නාසා ආයතනයේ මාධ්‍ය ලේකම්වරයා ද ප්‍රකාශ කර තිබෙනවා.

👁️ 420 Views

More News..

Advertise here