ඇල්ල මාරක රිය අනතුරෙන් මියගිය පිරිසගේ අවසන් කටයුතු හෙට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මාරක රිය අනතුරින් දිවි අහිමි වූවන්ගේ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. එහිදී මියගිය තංගල්ල නගර සභාවේ සේවකයින් දස දෙනෙකුගේ සිරුරු අද පෙරවරුවේ තංගල්ල නගර සභා ශාලාව වෙත රැගෙන ආවේ ඔවුන්ගේ ඥාතීන් ඇතුලු එහි පැමිණි බොහෝ දෙනෙකුගේ සෝ සුසුම් මධ්‍යයේයි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක්ද අද පෙරවරුවේ තංගල්ල […]
පනාමුර පොලිස් වසමේ කුරුදු ඉඩමකින් පිලිස්සුණු මළ සිරුරක් හමුවෙයි

පනාමුර පොලිස් වසමේ වැලිආර ප්‍රදේශයේ පුද්ගලයෙකු පිලිස්සී මිය ගොස් ඇත. මේ පිළිබඳව අද (28) උදෑසන 6.45ට පමණ මියගිය පුද්ගලයාගේ පුතා විසින් පනාමුර පොලීසිය පැමිණිල්ලක් සිදුකර තිබේ. පුතා විසින් පොලීසියට පවසා ඇත්තේ, පියා තම නිවසේ සිට මිටර් 200ක් පමණ දුරින් පිහිටි ඉඩම වෙත මාස්කන්නයේ වගා කටයුතු සඳහා කැලය ගිනිතැබිමට ඊයේ (05) සවස 4.00ට පමණ නිවසින් පිටත්ව […]
දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව ලකුණු 80කට දැවීයයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය මේ වනවිට පැවැත්වෙයි. තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා පළමුව පන්දුව රැකීමට තීරණය කළේය. ඒ අනුව පළමුවට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 80ක් රැස් කළේය.
අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන්ට සැත්කමක්

අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන්ට සමෙහි පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විදින සැත්කමක් සිදු කර තිබෙනවා. ඒ අනුව මේ වන විට 82 හැවිරිදි වියේ පසුවන හිටපු ජනාධිපතිවරයා දිගු කාලයක සිට පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විදිමින් සිටි බව සඳහන්. මේ හේතුවෙන් පසුගිය දා ඔහු ශල්‍යකර්මයකට ලක්ව ඇති බවට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා. […]
ඇල්ල මාරක බස් රථ අනතුරේදී දිවි පරදුවට තබා ජීවිත තුනක් බේරාගත් විශේෂ බලකායේ වීරයා

රාවණා ඇල්ලේ බස් රථ අනතුර සිදුවූ බවට යුද්ධ හමුදාවට ලැබුණු තොරතුරට අනුව රාත්‍රී 09:20වන විට පළමු යුද්ධ හමුදා භට කණ්ඩායම අනතුර සිදුවූ ස්ථානය වෙත ළඟා වී තිබුණා. එම අවස්ථාවේදී එම ස්ථානයට විශාල පිරිසක් රැසීබසිට ඇති අතර එම පිරිස අතර සිටි තරුණයන් කණ්ඩායමකට නායකත්වය දෙමින් එක් විශේෂ බලකා ටී ෂර්ටයක් පැළද සිටි තරුණයකු අනතුරට පත්වූවවන් මුදාගැනීමේ […]
ඇල්ලේ බස් අනතුරෙන් මියගිය අයගේ දේහයන් තංගල්ල නගර ශාලාවට

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදුවූ බස් අනතුරින් මියගිය තංගල්ල නගර සභාවේ සේවකයන්ගේ මෘතදේහ මේ වනවිට තංගල්ල නගර ශාලාව වෙත රැගෙනවිත් එහි තැන්පත් කර තිබේ. ඒ, මියගිය අයට අවසන් ගෞරව දැක්වීම සඳහාය. ඇල්ල පොලිස් වසමේ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී , තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් […]
බ්‍රිතාන්‍ය රජ පවුලේ වයස්ගතම සාමාජිකයා මෙළොව හැර යයි

බ්‍රිතාන්‍ය රජ පවුලේ වයස්ගතම සාමාජිකයා වූ කෙන්ට් ආදිපාද කැතරීන් කුමරිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. කෙන්සිංටන් මාළිගයේ දී ඇය අභාවප්‍රාප්තවන විට 92 හැවිරිදි වියේ පසුවූ බවයි බකිංහැම් මාළිගය නිවේදනය කළේ. අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් රැජිනගේ පළමු ඥාති සහෝදරයා වන එඩ්වඩ් කුමරු සමඟ ඇය විවාහ වී සිටියා. ආදිපාදවරිය 1933 පෙබරවාරි 22 වන දින උපත ලැබූ අතර, මියගිය ශ්‍රීමත් විලියම් […]
තවත් වෙඩිතැබීමක්

පානදුර, අලුබෝමුල්ල සඳගලවත්ත ප්‍රදේශයේ වෙළෙඳසැලකට අද (6) පෙරවරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ. මිලිමීටර 9 වර්ගයේ පිත්තෝල වර්ගයේ ගිනිඅවියකින් නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇත. වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ කාන්තාවක් එහි සිට අතර ඇය වෙඩි ප්‍රහාරයෙන් බේරී පලායාමේ දී වෙළෙඳසැලේ තිබූ ශීතකරණයකට වෙඩි වැදී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අලුබෝමුල්ල පොලීසියට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පානදුර […]
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන විස්සයි විස්ස තරගය අද හරාරේ ක්‍රීඩාංගණයේ දී

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැවැත්වේ. අද (6) තරගය මෙරට වේලාවෙන් ප.ව. 5ට ආරම්භවීමට නියමිතය. දෙරට අතර පළමු විස්සයි20 තරගය ශ්‍රී ලංකාව ජයගත් අතර, ඒ පළමු තරගය කඩුලු 4 කින් ජයගනිමින්. ඔවුන් මේ වනවිට තරග 1-0ක් ලෙසින් තරගාවලියේ පෙරමුණගෙන සිටියි.
දිවයිනේ අද කාලගුණය තත්වය

බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සවස 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ […]