Advertise here

ඇල්ල මාරක බස් රථ අනතුරේදී දිවි පරදුවට තබා ජීවිත තුනක් බේරාගත් විශේෂ බලකායේ වීරයා

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 240 Views

රාවණා ඇල්ලේ බස් රථ අනතුර සිදුවූ බවට යුද්ධ හමුදාවට ලැබුණු තොරතුරට අනුව රාත්‍රී 09:20වන විට පළමු යුද්ධ හමුදා භට කණ්ඩායම අනතුර සිදුවූ ස්ථානය වෙත ළඟා වී තිබුණා.

එම අවස්ථාවේදී එම ස්ථානයට විශාල පිරිසක් රැසීබසිට ඇති අතර එම පිරිස අතර සිටි තරුණයන් කණ්ඩායමකට නායකත්වය දෙමින් එක් විශේෂ බලකා ටී ෂර්ටයක් පැළද සිටි තරුණයකු අනතුරට පත්වූවවන් මුදාගැනීමේ නිරත වී සිටියා.

අනතුර⁣ට පත්වූ බස්රථය නැවතී තිබූ ස්ථානයට ඉහළින් පුද්ගල මළසිරුරු හතරක් සහ තුවාලකරුවන් තිදෙනකු සිරවී තිබී තිබෙනවා.

සාමාන්‍ය පුද්ගලයකුට ළඟාවීමට තබා සිතන්නටවත් අපහසු එම ස්ථානයට ළඟා වී අදාළ මළසිරුරු සහ තුවාලකරුවටන් සියලුදෙනා තම ජීවිතය ගැන පවා නොසිතා ආරක්ෂිත ස්ථාන වෙත ඉහළ සිට පහළට රැගෙනවිත් ඇත්තේ මෙම තරුණයායි.

ඔහු තම ඇඟ වටා ආධාරක කඹ පටළවා ගෙන තුවාලකරුවකු රැගෙන එන විට ගලක් වැදීමෙන් ඔහුගේ හිස දැඩි ලෙස තුවාල වී තිබෙනවා.

ඒ තුවාල වේදනාවද පසෙකලා ඔහු මෙම ගලවාගැනීමේ සහ මුදාගැනීමේ මෙහෙයුමට දායක වී සිටියා.

පසුව ඔහුට මූලික ප්‍රතිකාර ලබාදී බදුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව අණාවරණය වූයේ ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දෙවැනි විශේෂ බලකායට අයත් ලාන්ස් කෝප්‍රල් ඩබ්.එම්.වී.එම්.බණ්ඩාර බවයි.

ඔහු නිවාඩු ලබා සිය නිවසට පැමිණ සිටියදී මෙම අනතුර තම නිවස අසළ සිදුවූ අනතුරෙන් අනතුරට පත්වූවන් බේරාගැනීමට පැමිණ තිබෙනවා.

👁️ 240 Views

More News..

Advertise here