බ්‍රිතාන්‍ය රජ පවුලේ වයස්ගතම සාමාජිකයා වූ කෙන්ට් ආදිපාද කැතරීන් කුමරිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කෙන්සිංටන් මාළිගයේ දී ඇය අභාවප්‍රාප්තවන විට 92 හැවිරිදි වියේ පසුවූ බවයි බකිංහැම් මාළිගය නිවේදනය කළේ.
අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් රැජිනගේ පළමු ඥාති සහෝදරයා වන එඩ්වඩ් කුමරු සමඟ ඇය විවාහ වී සිටියා.
ආදිපාදවරිය 1933 පෙබරවාරි 22 වන දින උපත ලැබූ අතර, මියගිය ශ්‍රීමත් විලියම් වෝර්ස්ලිගේ බාලම දරුවා සහ එකම දියණිය වුණා.
👁️ 1,600 Views