Advertise here

පනාමුර පොලිස් වසමේ කුරුදු ඉඩමකින් පිලිස්සුණු මළ සිරුරක් හමුවෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 240 Views

පනාමුර පොලිස් වසමේ වැලිආර ප්‍රදේශයේ පුද්ගලයෙකු පිලිස්සී මිය ගොස් ඇත.

මේ පිළිබඳව අද (28) උදෑසන 6.45ට පමණ මියගිය පුද්ගලයාගේ පුතා විසින් පනාමුර පොලීසිය පැමිණිල්ලක් සිදුකර තිබේ.

පුතා විසින් පොලීසියට පවසා ඇත්තේ, පියා තම නිවසේ සිට මිටර් 200ක් පමණ දුරින් පිහිටි ඉඩම වෙත මාස්කන්නයේ වගා කටයුතු සඳහා කැලය ගිනිතැබිමට ඊයේ (05) සවස 4.00ට පමණ නිවසින් පිටත්ව ගිය බවය.

එලෙස නිවසෙන් පිටව ගිය පියා යළි නොපැමිණීම හේතුවෙන් මිතුරෙකු සමග ගොස් ඒ පිළිබඳ සොයා බැලූ බව පැමිණිලිකරු විසින් පොලීසිය වෙත පවසා තිබේ.

එලෙස සොයා බැලීම සඳහා යන අවස්ථාවේදී අසල පිහිට කුරුදු ඉඩමේ පිලිස්සුනු සිරුරක් පැමිණිලිකාර පුතා සහ ඔහුගේ මිතුරා විසින් දැක ඇත. එහිදී පැමිණිලිකාර පුතා විසින් මෙම පිලිස්සුණු සිරුර තම පියා බවට හඳුනාගෙන තිබේ.

මරණකරු විසින් කැලයට ගිනිතබන අවස්ථාවේදී අසල්වාසියකුගේ කුරුදු වගාවට ගින්න පැතිරීම වැළැක්වීමට ගොස් ගින්නට හසුවී ඇති බවට පොලීසිය සැක පලකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පනාමුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

👁️ 240 Views

More News..

Advertise here