ග්‍රෑන්ඩ්පාස් හා පංචිකාවත්තේදී වෙඩිතැබීම් 2ක්..

ඊයේ (5) රාත්‍රී 11.45ට පමණ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් තරුණයෙක් මියගොස් තිබේ. මහවත්ත ඔරලෝසු කණුව අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය සදහන් කලේ. වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 26 […]