අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලු වාහන සඳහා ආසන පටි පැළඳීම අනිවාර්යයි

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන් සහ සියලුම මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය මේ වනවිට නිකුත්කර තිබේ. සැප්තැම්බර් 1 වැනිදා සිට අධිවේගී මාර්ගවල ධාවනය වන සියලුම වාහනවල, ඉදිරිපස සහ පසුපස යන සියලුම ආසනවල සිටින මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කර ඇති බව ජාතික මාර්ග ආරක්ෂණ කවුන්සිලයේ සභාපතිවරයා පවසා සිටියා. […]

අමෙරිකාවේ ෆෙඩරල් රජය නිල වශයෙන් වසාදැමේ

අමෙරිකාවේ ෆෙඩරල් රජය නිල වශයෙන් වසා දැමීමට සිදුව තිබෙනවා. ඒ අරමුදල් සපයා ගැනීමේ පියවරන් සම්මත කර ගැනීමට අපොසොසත් වීම‌ හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 2019 න් පසුව අමෙරිකානු රජයක් නිල වශයෙන් වසා දැමුණ පළමු අවස්ථාව මෙයයි. අරමුදල් හිඟයට තමන් වග කිව නොයුතු බවට ඇමෙරිකාවේ පක්ෂ දෙකෙහිම නායකයින් පෞද්ගලිකව සහ ප්‍රසිද්ධියේ දැඩි ලෙස අවධාරණය කරනවා. […]

බස් ගාස්තු වෙනසක් සිදු නොවේ -ජාතික ගමනාගමන කොමිෂන් සභාව

මාසික මිල සංශෝධනයට අනුව ඉන්ධන මිල අඩුවුවත් බස් ගාස්තුවේ වෙනසක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තා.

සිසුවෙක් සිදුකළ පහරදීමකින් ගුරුවරයා රෝහලට

මොනරාගල ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් සිදුකළ පහරදීමකින් ගුරුවරුයෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අද (01) උදෑසන මෙම පහරදීම සිදුව ඇති අතර, තුවාල ලැබූ ගුරුවරුයා මේ වනවිට මොනරාගල මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. ජංගම දුරකථනයක් පාසලට රැගෙන ඒම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම හේතුවෙන් 11 වසරේ ඉගෙනුම ලබන අදාළ සිසුවා ගුරුවරයාට පහරදී ඇතැයි වාර්තා […]

තමිල්නාඩුවේ තාප බලාගාරයක වානේ ආරුක්කුවක් කඩා වැටී 09ක් මරුට

ඉන්දියාවේ තමිල්නාඩුවේ චෙන්නායි අසල ඉදිවෙමින් පවතින එන්නෝර් තාප බලාගාරයක වානේ ආරුක්කුවක් කඩා වැටීමෙන් කම්කරුවන් 09 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එරට වාර්තා සඳහන් කළේ මියගිය පුද්ගලයන් ආසෑම් ප්‍රාන්තයෙන් සහ අවට ප්‍රදේශවලින් පැමිණි අය බවයි. මියගිය අයගේ පවුල් සඳහා රුපියල් ලක්ෂ 10ක වන්දියක් ලබාදීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා. තුවාල ලැබූ කම්කරුවන් අනතුර සිදු වූ ස්ථානයේ සිට […]

ජපාන නිල සංචාරය අවසන් කර ජනපති දිවයිනට

ජපානයේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් මස 22 වන දින දිවයිනෙන් පිටව ගියේය. පසුව ජපාන රජයේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් මස 27 […]

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබේ. දිවයින පුරා පාසල්වල ළමා දිනයට සමගාමීව විවිධ උත්සව සහ ක්‍රියාකාරකම් සංවිධානය කර ඇත. ළමා දිනය වෙනුවෙන් පසුගිය 25 දා සිට ජාතික ළමා දින සතියක් ක්‍රියාත්මක වූ අතර වැඩිහිටි දිනය වෙනුවෙන් අද (01) සිට 7 දා දක්වා සැමරුම් සතියක් ක්‍රියාත්මකය. 

ජනපති ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමු වේ

ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමුවී තිබේ. ඒ ඊයේ  (30) පස්වරුවේ ටෝකියෝහි පිහිටි අධිරාජ්‍ය  මන්දිරයේදී ය. නරුහිතෝ අධිරාජ්‍යයා විසින් ජනාධිපතිවරයාව ජපාන අධිරාජ්‍යයාගේ නිල නිවස වන අධිරාජ්‍ය මන්දිරයේදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන් අනතුරුව සුහද පිළිසඳරකද නිරත විය.  විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත […]

පිලිපීනයට භූ කම්පනයක් – 26 දෙනෙකුට ජිවිතක්ෂයට

මධ්‍යම පිලිපීනයට බලපෑ රික්ටර් මාපකයේ 6.9ක භූ කම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් මෙම භූ කම්පනය හට ගෙන ඇති බවය. භූ කම්පනයෙන් තවත් පුද්ගලයින් 147 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. භූමිකම්පනය හේතුවෙන් විදුලිය ඇනහිටීම් සහ ගොඩනැගිලිවලට දැඩි හානි සිදුව ඇති බව සඳහන්ය. පිලිපීන ගිනිකඳු හා […]

අද කාලගුණ තත්වය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව සඳහන් කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක […]