Advertise here

පිලිපීනයට භූ කම්පනයක් – 26 දෙනෙකුට ජිවිතක්ෂයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 500 Views

මධ්‍යම පිලිපීනයට බලපෑ රික්ටර් මාපකයේ 6.9ක භූ කම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් මෙම භූ කම්පනය හට ගෙන ඇති බවය.

භූ කම්පනයෙන් තවත් පුද්ගලයින් 147 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

භූමිකම්පනය හේතුවෙන් විදුලිය ඇනහිටීම් සහ ගොඩනැගිලිවලට දැඩි හානි සිදුව ඇති බව සඳහන්ය.

පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය පවසන්නේ භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානයක් නොමැති බවය.

ගොඩනැගිලි සුන්බුන් අතර සිටින පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවෙමින් පවතින අතර මරණ සංඛ්‍යාව ඉහළ තවත් යනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

👁️ 500 Views

More News..

Advertise here