Advertise here

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලු වාහන සඳහා ආසන පටි පැළඳීම අනිවාර්යයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 520 Views

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන් සහ සියලුම මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය මේ වනවිට නිකුත්කර තිබේ.

සැප්තැම්බර් 1 වැනිදා සිට අධිවේගී මාර්ගවල ධාවනය වන සියලුම වාහනවල, ඉදිරිපස සහ පසුපස යන සියලුම ආසනවල සිටින මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කර ඇති බව ජාතික මාර්ග ආරක්ෂණ කවුන්සිලයේ සභාපතිවරයා පවසා සිටියා.

එමෙන්ම, ආසන පටි නොමැති වාහන සඳහා, ඒවා සවිකර ගැනීම සඳහා මාස 3ක සහන කාලයක් ලබා දෙන බවයි සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ.

👁️ 520 Views

More News..

Advertise here