Advertise here

ජපාන නිල සංචාරය අවසන් කර ජනපති දිවයිනට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,700 Views

ජපානයේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් මස 22 වන දින දිවයිනෙන් පිටව ගියේය.

පසුව ජපාන රජයේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් මස 27 වනදා පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

මෙම සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු  එක්ව සිටියහ.

👁️ 1,700 Views

More News..

Advertise here