ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමුවී තිබේ.
ඒ ඊයේ (30) පස්වරුවේ ටෝකියෝහි පිහිටි අධිරාජ්‍ය මන්දිරයේදී ය.
නරුහිතෝ අධිරාජ්‍යයා විසින් ජනාධිපතිවරයාව ජපාන අධිරාජ්‍යයාගේ නිල නිවස වන අධිරාජ්‍ය මන්දිරයේදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන් අනතුරුව සුහද පිළිසඳරකද නිරත විය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද මෙම අවස්ථාවට එක්විය.
👁️ 2,300 Views