ඉන්දියාවේ තමිල්නාඩුවේ චෙන්නායි අසල ඉදිවෙමින් පවතින එන්නෝර් තාප බලාගාරයක වානේ ආරුක්කුවක් කඩා වැටීමෙන් කම්කරුවන් 09 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
එරට වාර්තා සඳහන් කළේ මියගිය පුද්ගලයන් ආසෑම් ප්‍රාන්තයෙන් සහ අවට ප්‍රදේශවලින් පැමිණි අය බවයි.
මියගිය අයගේ පවුල් සඳහා රුපියල් ලක්ෂ 10ක වන්දියක් ලබාදීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.
තුවාල ලැබූ කම්කරුවන් අනතුර සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 15 ක් පමණ දුරින් පිහිටි චෙන්නායි හි ස්ටැන්ලි රජයේ රෝහලට වහා ඇතුළත් කර තිබුණා.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මියගිය එක් එක් අයගේ පවුල් සඳහාරුපියල් ලක්ෂ 2 ක වන්දියක් ප්‍රකාශයට පත් කළා.
තවද, තුවාල ලැබූවන් සඳහා රුපියල් 50,000 ක වන්දියක් ද රජය විසින් නිවේදනය කර තිබෙනවා.
බලධාරීන් අනතුරට හේතුව පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
👁️ 520 Views