පාකිස්තානයේ හමුදා රථ පෙළකට ප්‍රහාරයක් -සොල්දාදුවන් 12ක් මරුට

ඉස්ලාමීය සටන්කාමීන් විසින් වයඹදිග පාකිස්තානයේ හමුදා රථ පෙළකට ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරයෙන් පාකිස්තාන සොල්දාදුවන් දොළොස් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇෆ්ගනිස්ථාන දේශසීමාව අසල දකුණු වසිරිස්තානයේ කඳුකර බඩාර් ප්‍රදේශයේදී සොල්දාදුවන් වාහනවලින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත. කෙසේ වෙතත් දෙපාර්ශවය අතර ඇති වූ වෙඩි හුවමාරුවෙන් පසුව පාකිස්තාන සොල්දාදුවන් […]

නේපාලයේ ඇඳිරි නීතිය ඉවත් කෙරේ

නේපාලයේ පැවති විරෝධතා හේතුවෙන් දින 5ක කාලයක් පුරා ක්‍රියාත්මකව තිබූ ඇඳිරි නීතිය අද (13) උදෑසන සිට ඉවත්කිරීමට පියවර ගත් බව එරට හමුදා ප්‍රකාශකවරයා පවසා ඇත. ඒ අනුව අද දිනයේ කත්මන්ඩු අගනුවර ඇතුළු ප්‍රදේශවල වෙළඳසැල්, සාප්පු සංකීර්ණ යනාදිය විවෘත කර ඇති අතර, දෛනික ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ […]

බස් රථ අලංකරණය හා උපාංග සවිකිරීමට අදාළව තිබු චක්‍රලේඛය අවලංගු කෙරේ

බස් රථ අලංකරණය හා උපාංග සවිකිරීමට අදාළව නෛතික ප්‍රතිපාදන තුළ අවසර ලබා දෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛය අවලංගු කර තිබේ. 2023 වසරේ ජුනි මස 02වන දිනැතිව නිකුත් කරන ලද අදාල චක්‍ර ලේඛය මේ මස 09 වන දින සිට බලපැවෙත්වෙන පරිදි අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සදහන් […]

ටෝකියෝ නුවර ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක්

ජපානයේ ටෝකියෝ නුවර ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා. අධික වර්ෂාපතනයත් සමග මෙම ගංවතුර තත්ත්වය හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අධික සුළං තත්ත්වය හේතුවෙන් වරායක ගොඩගසා තිබු බහාලුම් කිහිපයක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ටෝකියෝහි ප්‍රවාහන සේවා ද අඩාල වී ඇති අතර, පුද්ගලයින් 100,000ක් පමණ පීඩාවට පත්ව සිටින බවයි […]

රුසියාවට භූ කම්පනයක් නිසා සුනාමි අනතුරු ඇඟවීමක්

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයේ රිච්ටර් මාපකයේ 7.4 ක භූකම්පනයක් ඇතිවී තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. භූමිකම්පාව පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට කිලෝමීටර් 111.7ක් නැගෙනහිරින් සහ කිලෝමීටර් 39ක් පමණ ගැඹුරින් සිදු වූ බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයට […]

T81 ගිනිඅවියක් සමග බැකෝ සමන්ගේ සමීපතමයෙක් අත්අඩංගුවට

මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නමැත්තාගේ සමීපතමයෙකු ගිනිඅවියක් සමග ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය සඳහන් කළේ ඇඹිලිපිටිය ගඟේයාය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවය. සැකකරු සන්තකයේ තිබී T81 වර්ගයේ ගිනිඅවියක්, උණ්ඩ 97ක්, මැගසින් 2ක් සහ හමුදා නිලඇඳුමක් සොයාගෙන තිබේ. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකරන ලද විමර්ශනවලදී […]

හැරී කුමරු යුක්රේනය වෙත හදිසි සංචාරයක

සසෙක්ස් හි ආධිපාදවරයාවරයා වන හැරී කුමරු යුක්රේනයේ කියෙව් අගනුවර වෙත හදිසි සංචාරයක නිරත වී තිබෙනවා. හැරි කුමරු යුක්රේනයට පැමිණ ඇත්තේ සිය බ්‍රිතාන්‍ය සංචාරයෙන් අනතුරුවයි. යුක්රේන රජයේ ආරාධනයෙන් හැරී කුමරු එහි පැමිණ ඇත්තේ තුවාල ලැබූ යුක්රේනුවන් පුනරුත්තාපනය සඳහා වන වැඩසටහනක් උදෙසා බවයි වාර්තා වන්නේ. දශකයකට ආසන්න කාලයක් හමුදා සේවයෙහි නිරතව සිටි හැරී කුමරු සොල්දාදුවන්ට උපකාර කිරීම […]

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමගයි. තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි. මේ අතර, මෙම තරගාවලියේ ඊයේ පැවති 4 වන තරගයෙන් ඕමාන් කණ්ඩායම පරදා ලකුණු 93ක ජයක් ලැබීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

සහස්පුර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට

බොරැල්ල පොලිස් වසමේ සහස්පුර සිරිසර උයන ක්‍රිඩාංගණයේදී පසුගිය මස 07 වැනිදා වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව ඊයේ (12) දහවල් කාලයේ පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ වැටලීම් ඒකකය  නිලධාරීන් කණ්ඩායමක් විසින් දමන පොලිස් වසමේදී මෙම අපරාධයේ වෙඩික්කරු බවට සැක කරන […]

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ  සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  නැගෙනහිර සහ ඌව පළාත්වල අද සවස 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම […]