බොරැල්ල පොලිස් වසමේ සහස්පුර සිරිසර උයන ක්‍රිඩාංගණයේදී පසුගිය මස 07 වැනිදා වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව ඊයේ (12) දහවල් කාලයේ පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ වැටලීම් ඒකකය නිලධාරීන් කණ්ඩායමක් විසින් දමන පොලිස් වසමේදී මෙම අපරාධයේ වෙඩික්කරු බවට සැක කරන පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 710 ක් හා යතුරු පැදියක් සමඟ අත්අඩංගුවට ගෙන දමන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 34ක් වන දමන, අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු මීට පෙර ශ්‍රී ලංකා යුධ හමුදාවේ රාජකාරි කර 2015 වර්ෂයේ යුධ හමුදාවෙන් පළාගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
දමන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
👁️ 500 Views