රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයේ රිච්ටර් මාපකයේ 7.4 ක භූකම්පනයක් ඇතිවී තිබෙනවා.
මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
භූමිකම්පාව පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට කිලෝමීටර් 111.7ක් නැගෙනහිරින් සහ කිලෝමීටර් 39ක් පමණ ගැඹුරින් සිදු වූ බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයට අනුව මීටරයක් දක්වා රළ ඇති විය හැකියි.
👁️ 800 Views