Advertise here

පාකිස්තානයේ හමුදා රථ පෙළකට ප්‍රහාරයක් -සොල්දාදුවන් 12ක් මරුට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 960 Views

ඉස්ලාමීය සටන්කාමීන් විසින් වයඹදිග පාකිස්තානයේ හමුදා රථ පෙළකට ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම ප්‍රහාරයෙන් පාකිස්තාන සොල්දාදුවන් දොළොස් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇෆ්ගනිස්ථාන දේශසීමාව අසල දකුණු වසිරිස්තානයේ කඳුකර බඩාර් ප්‍රදේශයේදී සොල්දාදුවන් වාහනවලින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත.

කෙසේ වෙතත් දෙපාර්ශවය අතර ඇති වූ වෙඩි හුවමාරුවෙන් පසුව පාකිස්තාන සොල්දාදුවන් 12 දෙනෙකු සහ ඉස්ලාමීය සටන්කාමීන් 13 දෙනෙකු මිය ගිය බව පකිස්ථාන හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

👁️ 960 Views

More News..

Advertise here