අග්‍රාමාත්‍යවරිය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (16) නවදිල්ලියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමුවී තිබේ. මෙම හමුවේදී දෙපාර්ශ්වය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත. අගමැතිනි හරිනි අමරසූරිය ඔක්තෝබර් 18 වන දින දක්වා ඉන්දියාවේ රැඳී සිටින අතර, එම කාලය තුළ ඇය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් කිහිපදෙනෙකු හමුවීමට […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතා අභාවප්‍රාප්ත වෙයි

රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 64 ක්. පිට දඟ පන්දු යවන්නෙකු වන වර්ණවීර, 1986 සහ 1994 අතර කාලය තුළ ටෙස්ට් තරග 10 කට සහ එක්දින ජාත්‍යන්තර තරග 6 කට ශ්‍රී ලංකාව නියෝජනය කළා. ඔහුගේ ක්‍රීඩා දිවියෙන් පසු, ඔහු ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ භාරකරු ලෙස […]
ට්‍රම්ප් විසින් සිදු කරනු ලැබූ ඉල්ලීමට මෝදී එකඟ වෙයි

අමෙරිකාව විසින් දිගින් දිගටම සිදු කළ ඉල්ලීම් හමුවේ රුසියානු තෙල් මිලදී ගැනීම නවතා දැමීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තීරණයකර තිබෙනවා. රුසියානු තෙල් අපනනයේ ප්‍රධානම ගැනුම්කරු වන ඉන්දියාව, රුසියාවෙන් තෙල් මිළදී ගැනීම හරහා රුසියාව ලබන ආර්ථික වාසිය ඔවුන් යුද්ධය වෙනුවෙන් යොදවන බව අමෙරිකාව විසින් චෝදනා කරනු ලැබුවා. ඒ අනුව රුසියාවෙන් තෙල් අපනයනය නතර කරන ලෙස ඇමෙරිකානු […]
ගල්කිස්ස උසාවියට භාරවුණු නීතිඥ වන්නිනායකට ඇප

ගල්කිස්ස අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියකු සමග මත ගැටුමක් ඇති කර ගැනීමේ සිද්ධියට සම්බන්ධ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ නියෝග කළේය. නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා නීතිඥවරුන් කණ්ඩායමක් සමග ඊයේ සවස ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.
රන් මිල තවත් ඉහළ යයි

කොළඹ හෙට්ටිවීදියේ රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල ඊයේ (15දා) රුපියල් තුන් ලක්‍ෂ හතළිස් දෙදහස් තුන්සියයක් දක්වා ඉහළ ගොස් ඇත. මේ මිල ඉහළ යෑම පෙරේදා (14දා) දිනයට සාපේක්‍ෂව රුපියල් 5000 ක වැඩිවීමක් බව රන් වෙළෙඳපොළ පවසයි. මේ අතර පෙරේදා (14දා) දිනයේදී රුපියල් තුන්ලක්‍ෂ හැට පන්දහසක් ලෙස පැවැති කැරට් 24 රන් පවුමක මිල ඊයේ (15දා) […]
අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරු දෙදෙනෙක් පත් කෙරේ

අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරු දෙදෙනෙක් පත්කර තිබෙනවා. ඒ අනුව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ. එමෙන්ම, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන ඩබ්ලිව්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ පත්කර තිබෙනවා. ඊයේ (15) […]
අග්‍රාමාත්‍යතුමිය අද ඉන්දියාවට

නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. අද (16) අලුයම 12.40ට පමණ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යු.එල් – 191ක දරණ ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරිය නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබේ. ඒ අනුව ලබන 18 දින දක්වා ඇය ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ. සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා […]