Advertise here

රන් මිල තවත් ඉහළ යයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 6,440 Views

කොළඹ හෙට්ටිවීදියේ රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල ඊයේ (15දා) රුපියල් තුන් ලක්‍ෂ හතළිස් දෙදහස් තුන්සියයක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ මිල ඉහළ යෑම පෙරේදා (14දා) දිනයට සාපේක්‍ෂව රුපියල් 5000 ක වැඩිවීමක් බව රන් වෙළෙඳපොළ පවසයි.

මේ අතර පෙරේදා (14දා) දිනයේදී රුපියල් තුන්ලක්‍ෂ හැට පන්දහසක් ලෙස පැවැති කැරට් 24 රන් පවුමක මිල ඊයේ (15දා) වන විට රුපියල් තුන්ලක්‍ෂ හැත්තෑ දහසක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ වැඩිදුරටත් සඳහන් කරයි.

👁️ 6,440 Views

More News..

Advertise here