Advertise here

අග්‍රාමාත්‍යවරිය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය හමුවෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 5,300 Views

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (16) නවදිල්ලියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමුවී තිබේ.

මෙම හමුවේදී දෙපාර්ශ්වය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.

අගමැතිනි හරිනි අමරසූරිය ඔක්තෝබර් 18 වන දින දක්වා ඉන්දියාවේ රැඳී සිටින අතර, එම කාලය තුළ ඇය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් කිහිපදෙනෙකු හමුවීමට නියමිතය.

එමෙන්ම ඇය හෙට පැවැත්වීමට නියමිත NDTV ලෝක සමුළුවේදී “අවිනිශ්චිත කාලවලදී මෙහෙයවීමේ වෙනසක්” යන මාතෘකාව යටතේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ද නියමිත බව වාර්තා වේ.

👁️ 5,300 Views

More News..

Advertise here