ගල්කිස්ස අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියකු සමග මත ගැටුමක් ඇති කර ගැනීමේ සිද්ධියට සම්බන්ධ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ නියෝග කළේය.
නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා නීතිඥවරුන් කණ්ඩායමක් සමග ඊයේ සවස ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.
👁️ 3,460 Views