Advertise here

අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරු දෙදෙනෙක් පත් කෙරේ

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 5,100 Views

අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරු දෙදෙනෙක් පත්කර තිබෙනවා.

ඒ අනුව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එමෙන්ම, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන ඩබ්ලිව්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ පත්කර තිබෙනවා.

ඊයේ (15) පස්වරුවේ ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ජනාධිපති කාර්යාලයේදී භාර දී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්.මංගල මීට පෙර ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රමසම්පාදන (ආපදා කළමනාකරණ) ලෙස කටයුතු කළ අතර, ඩබ්ලිව්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධුරයේ කටයුතු කරනු ලැබුවා.

👁️ 5,100 Views

More News..

Advertise here