iPhone නවතම මාදිලිය මිලදී ගැනීමට ඉන්දීය ජාතිකයින් අතර උණුසුම් තත්ත්වයක්

ඉන්දීය වෙළෙඳපොලට විවෘත වූ iPhone නවතම මාදිලිය මිලදී ගැනීමට පැමිණි ඉන්දීය ජාතිකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. iPhone 17, iPhone 17 Air, iPhone 17 Pro, සහ iPhone 17 Pro Max වෙළෙඳපොළට හඳුන්වා දීමත් සමග එය මිලදී ගැනීම සඳහා ඉන්දියාව තුළ දැඩි උද්යෝගයක් හට ගෙන තිබේ.  එරට සියලුම Apple වෙළඳසැල් අද […]

සාමාන්‍ය පෙළ විභාගය 2025 (2026) අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

විභාග දෙපාර්තමේන්තුව විසින් 2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ඊයේ (18) දින සිට ආරම්භ කර ඇති බව නිවේදනය කරනවා. ඒ අනුව, මෙම විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම සැප්තැම්බර් 18 වනදා සිට ඔක්තෝබර් 09 වනදා දක්වා මාර්ගගත (Online) ක්‍රමය මඟින් පමණක් සිදු කළ යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා […]

දුනිත් වෙල්ලාලගේගේ පියාගේ අවසන් කටයුතු ඉරිදා

දුනිත්ගේ පියා වන සුරංග වෙල්ලාලගේගේ අවසන් කටයුතු එළඹෙන ඉරිදා (21) දින පැවැත්වීමට නියමිත බව ඔහුගේ පවුලේ ඥාතීන් ප්‍රකාශකර තිබෙනවා. ඒ අනුව හෙට (20) උදෑසන 9.30 යේ සිට දේහය ගල්කිස්ස මහින්ද මල්ශාලාවේදී මහජන ගෞරවය පිණිස ප්‍රදර්ශනය කෙරෙනු ඇති.

චිත්‍රපට රූගත කිරීම් අතරතුර ඉන්දීය දමිළ නළුවෙකු ජිවිතක්ෂයට

ඉන්දීය දමිළ නළු රොබෝ ශංකර් චෙන්නායිහිදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 46 හැවිරිදි වියේ පසුවුණා. චිත්‍රපට රූගත කිරීම් අතරතුර ඇද වැටීමෙන් පසුව ශංකර් රෝහලට ඇතුළත් කර තිබුණා. වාර්තා වන පරිදි, රොබෝ ශංකර් මියයාමට පෙර දැඩි සත්කාර ඒකකයට මාරු කර ඇති අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරීමෙන් පසුව මෙසේ මියගිය බවයි විදෙස් මාධ්‍ය සඳහන් […]

දරුවන්ටද වස දී , අම්මා සියදිවි නසාගනී

තම දරුවන් තිදෙනාටද වස පානය කිරීමට සලස්වා තමන්ද වස පානය කළ කාන්තාවක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ උඩුදුම්බර, දඹගහපිටිය හපුදණ්ඩුවල ප්‍රදේශයෙන්. වස පානය කළ අදාළ කාන්තාව අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත් වූ අතර දරුවන් තිදෙනා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා මෙම දරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලිසිය පවසන්නේ. මෙම දරුවන් වයස අවුරුදු 15,10 සහ 05යන […]

ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක්

ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. අදාළ නිවේදනය අද (19) උදෑසන 10 සිට හෙට (20) උදෑසන 10 දක්වා වලංගුවේ . ඒ අනුව කොළඹ, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා මෙම නාය යෑම් අනතුරු ඇඟවීම නිකුත්කර තිබෙනවා.

රුසියාවේ ප්‍රබල භූ කම්පනයක්

රුසියාවේ කම්චැට්කාහි ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබූ අතර එය අවලංගු කර තිබෙනවා. රික්ටර් මාපක 7.8 ක භූමිකම්පාවක් මෙලෙස සිදුවූ බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඇලස්කාවේ ඇලූටියන් දූපත්වලට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කළත් පසුව එය අවලංගු කර ඇති බවයි අමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය පැවසුවේ. කැනඩාව හෝ එක්සත් ජනපද බටහිර වෙරළ තීරයට […]

බස් රථයකින් ඇදවැටී තරුණයෙකු ජිවිතක්ෂයට

බස් රථයකින් ඇදවැටී තරුණයෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (18) රාත්‍රී කාලයේ කිලිනොච්චිය පොලිස් වසමේ උරුත්තිපුරම් මාර්ගයේ 8 ඇල ප්‍රදේශයේදී අරවියර් නගර් දෙස සිට උරුත්තිපුරම් දෙසට ධාවනය වූ බස් රථයකින් මගියෙකු ඇද වැටී ඇති බවය. අනතුරින් තුවාල ලැබූ මගියා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර ඔහු වයස අවුරුදු 26ක් වූ උරිත්තිපුරම් ප්‍රදේශයේ […]

දුනිත් වෙල්ලාලගේගේ පියා අභාවප්‍රාප්ත වෙයි

ආසියානු කුසලානය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස දිවිසැරිය නිමකර ඇති අතර, මියයනවිට 54 හැවිරිදි වියේ පසුවිය.

අද විවිධ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

අද (19) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව දැක්වෙයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් සවස 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් […]