රුසියාවේ කම්චැට්කාහි ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබූ අතර එය අවලංගු කර තිබෙනවා.
රික්ටර් මාපක 7.8 ක භූමිකම්පාවක් මෙලෙස සිදුවූ බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ඇලස්කාවේ ඇලූටියන් දූපත්වලට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කළත් පසුව එය අවලංගු කර ඇති බවයි අමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය පැවසුවේ.
කැනඩාව හෝ එක්සත් ජනපද බටහිර වෙරළ තීරයට ද සුනාමි අවදානමක් නැති බව සඳහන්.
භූ කම්පනයෙන් පසු කම්චැට්කාහි නැගෙනහිර වෙරළ තීරයට ඔබ්බට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර තිබුණා.
සිදුවූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.
👁️ 360 Views