වන අලි ප්‍රහරයකින් 74 හැවිරිදි පුද්ගලයකු ජිවීතක්ෂයට

ඊයේ (11) රාත්‍රියේ තම පුත්‍රයා සමඟ පාපැදියකින් ගමන් කරමින් සිටි 74 හැවිරිදි පියකු වල් අලියකුගේ පහරදීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආණමඩුව පොලිසිය පවසනවා. මෙම සිද්ධිය වී ඇත්තේ ආණමඩුව පොලිස් වසමේ, දෙහියාය ප්‍රදේශයේ දී වන අතර ප්‍රහාරයෙන් බරපතළ ලෙස තුවාල ලැබූ පියා වහාම ආණමඩුව රෝහලට ඇතුළත් කර ඇති නමුත්, ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. මෘත ශරීරය […]

ලෝටස් වටරවුම වසා දැමෙයි

ගාලු මුවදොර පාර ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා. බැංකු සේවක සංගමයේ විරෝධතාවයක් හේතුවෙන් මෙලෙස පාර වසා දමා තිබේ. මේ හේතුවෙන් එම ප්‍රදේශය අවට දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය පැවසීය.

පෙර පාසල් සිසුන් රැගත් ත්‍රීරෝද රථයක් නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදී අනතුරක

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. අද (12) උදෑසන 8.15ට පමණ මෙම අනතුර සිදුව තිබුණි. අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්ගත් පෙර පාසල් සිසුන් 6 දෙනෙකු සහ ගුරුවරුයෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇත. ත්‍රීරෝද රථයේ […]

ඊශ්‍රායලයෙන් රටවල් 6කට ගුවන් ප්‍රහාර

ඊශ්‍රායල හමුදාව විසින් රටේ ආරක්ෂාවට තර්ජනයක් බව කියමින් දින තුනක් ඇතුළත රටවල් 6කට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙන බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. ඒ අනුව පසුගිය සඳුදා සිට බදාදායින් අවසන් වූ පැය 72ක අතරතුර පලස්තීනය, ලෙබනනය, සිරියාව, ටියුනීසියාව, කටාර් රාජ්‍යය සහ යේමනය එම ප්‍රහාරවලට ලක්වී තිබෙන බවයි අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා […]

පාකිස්ථානයට ගංවතුර තත්වය නිසා මිලියන දෙකකට අධික ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා

පාකිස්ථානයේ නැගෙනහිර ප්‍රදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පන්ජාබ් ප්‍රදේශයේ මිලියන දෙකකට අධික ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. සින්ද් ප්‍රදේශයේ තවත් 150,000ක් ඉවත් කර ඇති බවත්, ඉදිරි දිනවලදී එම සංඛ්‍යාව ඉහළ යා හැකි බවත්, ජාතික ආපදා කළමනාකරණ ප්‍රධානී ඉනාම් හයිඩර් මලික් සඳහන් කර තිබෙනවා. දේශගුණික විපර්යාස ගංවතුර තත්ත්වය […]

කැබැල්ලගොඩ ප්‍රදේශයේ මව සහ පුතා ඝාතනය කළ සැකකරු හඳුනාගනී

කරන්දෙණිය පොලිස් වසමේ කැබැල්ලගොඩ ප්‍රදේශයේදී ඊයේ (11) සවස් කාලයේ කාන්තාවකට හා පිරිමි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණි. අදාල සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු හඳුනාගත් බව කරන්දෙණිය පොලීසිය පවසයි.  මෙලෙස ඝාතනයට ලක්වී තිබුණේ වයස අවුරුදු 74ක් සහ වයස අවුරුදු 25ක් වූ කොටවෙල, කරණ්දෙනිය ප්‍රදේශයේ පදිංචි මව හා පුත්‍රයා බව පොලීසිය පැවසීය. මෘතශරීර ඇල්පිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර […]

බිතුසිතුවමක් ලන්ඩන් අධිකරණයෙන් ඉවත් කිරීමට පියවර

විනිසුරුවරයෙකු විසින් විරෝධතාකරුවෙකුට පහරදෙන බිතුසිතුවමක් ලන්ඩන් අධිකරණයෙන් ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සාම්ප්‍රධායික හිසකෙස් පළදනාවකින් සහ කළු ලෝගුවකින් සැරසී සිටින විනිසුරුවරයෙකු විරෝධතාකරුවෙකු ද තොප්පියකින් පහරදෙද්දි ලේ තැවරුණ පුවරුවක් අතැතිව බිම වැතිර සිටින විරෝධතාකරුවෙකුගේ සිතුවමක් ලන්ඩන් රාජකීය ගොඩනැගිල්ලේ බිත්තියක තිබුණා. එය ඉවත් කිරීම සම්බන්ධයෙන් පොලිසිය පවසා ඇත්තේ ලැබුණු පැමිණිල්ලක් අනුව එම පියවර ගත් […]

බ්‍රසීලයේ හිටපු ජනපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක සිරදඬුවම්

හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක් සහ මාස තුනක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 05 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විසින්. එහිදී විනිසුරුවරුන් සිව් දෙනෙකු ඔහු වැරදිකරු බව තීරණය කළ අතර, එක් අයෙකු ඔහු නිදහස් කිරීමට ඡන්දය ලබා දී තිබේ. 2022 මැතිවරණයෙන් ඔහුගේ වාමාංශික ප්‍රතිවාදියා වූ ලුයිස් […]

අද කාලගුණ තත්වය

බස්නාහිර සහ  සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල අද සවස 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් […]