පාකිස්ථානයේ නැගෙනහිර ප්‍රදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පන්ජාබ් ප්‍රදේශයේ මිලියන දෙකකට අධික ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
සින්ද් ප්‍රදේශයේ තවත් 150,000ක් ඉවත් කර ඇති බවත්, ඉදිරි දිනවලදී එම සංඛ්‍යාව ඉහළ යා හැකි බවත්, ජාතික ආපදා කළමනාකරණ ප්‍රධානී ඉනාම් හයිඩර් මලික් සඳහන් කර තිබෙනවා.
දේශගුණික විපර්යාස ගංවතුර තත්ත්වය තවත් උග්‍ර කර ඇති අතර, අධික වර්ෂාව හේතුවෙන් ගංගා පිටාර ගැලීම සිදු වෙනවා.
ජුනි මස අග සිට රට පුරා මෝසම් වැසි හේතුවෙන් පුද්ගලයින් 900කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ.
එමෙන්ම ගංවතුරෙන් විපතට පත් වූවන් රැගෙන ගිය ගලවා ගැනීමේ බෝට්ටුවක් ඉන්දු ගංගාවේදී පෙරළී පසුගිය අඟහරුවාදා පුද්ගලයින් නව දෙනෙකු මිය ගොස් ඇති අතර, ජලල්පූර් පිර්වාලා නගරයෙන් පිටතදී මෙවැනිම සිදුවීමකින් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා.