Advertise here

පෙර පාසල් සිසුන් රැගත් ත්‍රීරෝද රථයක් නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදී අනතුරක

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,760 Views

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අද (12) උදෑසන 8.15ට පමණ මෙම අනතුර සිදුව තිබුණි.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්ගත් පෙර පාසල් සිසුන් 6 දෙනෙකු සහ ගුරුවරුයෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදයේ අනාරක්ෂිත ලෙස සවි කර තිබූ අමතර කොටසක් මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බව නෝර්වුඩ් පොලිසිය කියා සිටියේය.

මෝටර් රථය ධාවනය කර ඇති කාන්තාව සැකපිට නෝර්වුඩ් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රෝහල් ගත කළ 07 දෙනාගෙන් එක් දරුවෙකු හැර අනෙක් 06 දෙනා රෝහලේ භාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.

👁️ 1,760 Views

More News..

Advertise here