ඊයේ (11) රාත්‍රියේ තම පුත්‍රයා සමඟ පාපැදියකින් ගමන් කරමින් සිටි 74 හැවිරිදි පියකු වල් අලියකුගේ පහරදීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආණමඩුව පොලිසිය පවසනවා.
මෙම සිද්ධිය වී ඇත්තේ ආණමඩුව පොලිස් වසමේ, දෙහියාය ප්‍රදේශයේ දී වන අතර ප්‍රහාරයෙන් බරපතළ ලෙස තුවාල ලැබූ පියා වහාම ආණමඩුව රෝහලට ඇතුළත් කර ඇති නමුත්, ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
මෘත ශරීරය ආණමඩුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
👁️ 440 Views