21 දාට සමහර පක්ෂවල නායකයන් කොළඹට නොපැමිණියත් එම පක්ෂවල සාමාජිකයන් එදිනට කොළඹට පැමිණෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී. වීරසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ දින (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී වීරසිංහ මහතා මෙසේද පැවසීය.
මේ රජය බලයට පැමිණෙන්න පෙර මේ රටේ සියලුම ක්ෂේත්‍රවල ජනතාවට අසීමිත බලාපොරොත්තු දුන්නා. තමන් බලයට පැමිණියාට පසු රටේ ආර්ථිකය මෙන්ම, සියලුදෙනාගේ ආර්ථිකය ශක්තිමත් කරලා රට සුඛිත මුදිත කරනවා කියලා. ආණ්ඩුව බලයට පත්වෙලා අවුරුද්දක් වෙනවා. අද වන විට මේ රටේ දේශීය ආර්ථිකය නගා සිටුවන්න දැවැන්ත වැඩපිළිවෙලක් සාකච්ඡා කරනවා. නමුත් බොහෝ තැන්වල කතා කරපු ආණ්ඩුවේ ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් තමන් බලයට ගේන්න කටයුතු කරපු ක්ෂේත්‍රවල නියැලුණු ජනතාව අද අමතක කරමින් සිටිනවා.
👁️ 2,060 Views