Advertise here

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය අහෝසියි!

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,640 Views

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඊයේ (18) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ පනත සම්මත වීමෙන් පසුව ඉදිරියේදී කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුපක් හිමි නොවන බව කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මෙතෙක් මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප් යළි අය කර ගැනීමක් සිදු නොවන බව ද මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේය.

ජාතික රාජ්‍ය සභාවේ 1971 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා 2025.06.16 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දැනටමත් ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබේ.

පාර්ලිමේන්තුවට තේරී පත් වූ නියෝජිතයන්ට සහ ඔවුන්ගේ කලත්‍රයන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි කිරීම අරමුණු කර ගෙන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කර ඇත. එම පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව මෙසේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

👁️ 4,640 Views

More News..

Advertise here