බටපොළ, කහටපිටිය ප්‍රදේශයේදී දරුවා ඝාතනය කළ මව ද සියදිවි නසාගනී

බටපොළ, කහටපිටිය ප්‍රදේශයේදී කාන්තාවක් විසින් සිය දරුවා ඝාතනය කර ඇය ද ගෙළ වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ. බටපොළ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී අදාළ කාන්තාවගේ සහ දරුවාගේ මළ සිරුරු ඔවුන්ගේ නිවස තුළ තිබී සොයා ගෙන ඇති බව සඳහන්ය. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු තුනාහාමාරක් වයසැති පිරිමි දරුවෙකු වන අතර කාන්තාව 24 හැවිරිදි වියේ පසුවන […]

රුසියාවේ මොස්කව් නගරය අවට ඇති ගුවන්තොටුපොළ දෙකක් වසා දැමේ

රුසියාවේ මොස්කව් නගරය අවට ඇති ගුවන්තොටුපොළ හතරෙන් දෙකක් වසා දැමීමට කටයුතු කළ බව රුසියාව පවසයි. ඊයේ (26) රාත්‍රියේ සිට යුක්‍රේනය විසින් මොස්කව් නගරය ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාරයන් හේතුවෙන් මෙසේ ගුවන්තොටුපොළ වසා දැමීමට කටයුතු කළ බව රුසියානු බලධාරීන් පැවසුවේය. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැය පහක පමණ කාලය තුළ යුක්‍රේන […]

මාළු ඇල්ලීමට ගිය පුද්ගලයෙකු වැවෙහි ගිලීමෙන් ජීවිතක්ෂයට

රස්නායකපුර පොලිස් වසමේ මුඩත්තව වැවෙහි ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 68ක් වූ මොන්නෑකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා ටියුබයක් ආධාරයෙන් මාළු ඇල්ලීම සිදු කරන අයෙකු වන අතර ඔහු නිවසට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් නිවැසියන් විසින් සොයා බැලීමේදී වැවෙහි තිබී ඔහුගේ මෘත ශරීරය හමු වී ඇති බව පොලීසිය පැවසුවේය. මෘත ශරීරය නිකවැරටිය […]

කෝටි 3.4ක් වටිනා හෙරොයින් සමඟ ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 34ක් ( කෝටි 3.4ක්) වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 2.832ක් සමඟ ඉන්දියානු ජාතිකයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

” විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ රටම එකට ජාතික මෙහෙයුම 30 වැනිදා සිට ඇරඹේ ” ,රටම එකට එක් විය යුතුයි ජනපති ඉල්ලයි

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳ සමාරම්භක උළෙල ලබන 30 වෙනිදා පෙ’ව’ 10’00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද මතු කරගත හැකි නමුත් විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටු කිරීමේදී තවදුරටත් කිසිදු විවාදයකට ඉඩක් නොමැති බවත්” විෂ […]

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

දියබෙදුම පොලිස් වසමේ නුවරගේයාය ප්‍රදේශයේදී ඊයේ (26) වන දින අළුයම් කාලයේදී පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, කැණීම් උපකරණ හා පූජා භාණ්ඩ තිබී ඇති බවයි සඳහන් වන්නේ. සැකකරුවන් අවුරුදු 20-43 වයස්වල පසුවන පුත්තලම හා […]

පිලිපීනයේ ටාල් ගිනි කන්ද සක්‍රිය වෙයි

පිලිපීනයේ මැනිලා නුවරට කිලෝමීටර 60ක් පමණ දකුණින් පිහිටි ටාල් ගිනි කන්ද මේ වන විට සක්‍රිය වී තිබේ.  එමඟින් කිලෝමීටර් දෙකක් පමණ ඉහළ අහසට පිපිරුමේ අළු සහ වාෂ්ප විසි වී ඇති බව සඳහන් වේ. ටාල් ගිනි කන්ද අනතුරු ඇඟවීමේ මට්ටම 1 යටතේ පවතී. පිලිපීන ගිනිකඳු විද්‍යා හා භූ කම්පන විද්‍යා ආයතනය පවසා ඇත්තේ තවදුරටත් අළු විමෝචනය […]

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙක් ජිවිතක්ෂයට

වැල්ලවාය පොලිස් වසමේ වැල්ලවාය තණමල්විල මාර්ගයේ ආදාවෙලයාය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ගමන් කළ යුද හමුදාවට අයත් බස් රථයක් ඊට ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.  වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ රජමාවත, […]