Advertise here

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,740 Views

දියබෙදුම පොලිස් වසමේ නුවරගේයාය ප්‍රදේශයේදී ඊයේ (26) වන දින අළුයම් කාලයේදී පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, කැණීම් උපකරණ හා පූජා භාණ්ඩ තිබී ඇති බවයි සඳහන් වන්නේ.

සැකකරුවන් අවුරුදු 20-43 වයස්වල පසුවන පුත්තලම හා අත්තනකඩවල ප්‍රදේශයන් හී පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

දියබෙදුම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

👁️ 3,740 Views

More News..

Advertise here