Advertise here

රුසියාවේ මොස්කව් නගරය අවට ඇති ගුවන්තොටුපොළ දෙකක් වසා දැමේ

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,860 Views

රුසියාවේ මොස්කව් නගරය අවට ඇති ගුවන්තොටුපොළ හතරෙන් දෙකක් වසා දැමීමට කටයුතු කළ බව රුසියාව පවසයි.

ඊයේ (26) රාත්‍රියේ සිට යුක්‍රේනය විසින් මොස්කව් නගරය ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාරයන් හේතුවෙන් මෙසේ ගුවන්තොටුපොළ වසා දැමීමට කටයුතු කළ බව රුසියානු බලධාරීන් පැවසුවේය.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැය පහක පමණ කාලය තුළ යුක්‍රේන ඩ්‍රෝන යානා 28ක් රුසියානු ආරක්ෂක අංශ විසින් විනාශ කර ඇති බවය.

👁️ 4,860 Views

More News..

Advertise here