Advertise here

” විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ රටම එකට ජාතික මෙහෙයුම 30 වැනිදා සිට ඇරඹේ ” ,රටම එකට එක් විය යුතුයි ජනපති ඉල්ලයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,880 Views

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳ සමාරම්භක උළෙල ලබන 30 වෙනිදා පෙ’ව’ 10’00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද මතු කරගත හැකි නමුත් විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටු කිරීමේදී තවදුරටත් කිසිදු විවාදයකට ඉඩක් නොමැති බවත්” විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනුවෙන් රටම එකට එක් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම වෙනුවෙන් ඉකුත් දා ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවට එක් වෙමින් පැවසීය.

එම ජාතික අරමුණ ළඟා කර ගැනීම සඳහා ‘රටම එකට ජාතික මෙහෙයුම. ක්‍රියාත්මක වෙයි.

එමෙන්ම පසුගිය සමයේ දේශපාලන රශ්මි කදම්භය තුළ නිදැල්ලේ වර්ධනය වූ මෙම අපරාධ අද රටත් සමාජයත් දැඩිව වෙළාගෙන තිබෙන අන්දම සහ ඊට පොලිසිය” රේගුව” මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව” ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුඵ රජයේ වගකිවයුතු ආයතනවලින් ලැබී ඇති සහාය පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

නැවත එවැනි තත්ත්වයකට ඉඩ නොතබා අනාගත දරු පරපුර වෙනුවෙන් මෙම ජාතික ව්‍යසනය පරාජය කිරීමට සියලු දෙනා වෙත පැවරී ඇති අත්හළ නොහැකි වගකීම ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

👁️ 1,880 Views

More News..

Advertise here