අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසියෙන් වෙඩි

අද (25) පස්වරුවේ රත්මලාන ගොලුමඩම හංදිය අසලදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට ගල්කිස්ස පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩිතබා තිබේ. එහිදී රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශය සිදුකරයි.
දොඩන්ගොඩ දී මාරක අනතුරක් – තරුණයෙකු ජීවිතක්ෂයට

දොඩන්ගොඩ පොලිස් වසමේ මළබඩ පුහාබුගොඩ මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුර මළබඩ හන්දිය දෙස සිට පුහාබුගොඩ දෙසට ධාවනය වූ ටැක්ටර් රථයක් ඊට ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් සිදුව ඇත. අනතුරින් යතුරුපැදියේ පැදිකරු හා පිටුපස ගමන් කළ දෙදෙනාම තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී යතුරුපැදියේ පිටුපස ගමන් […]
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ භූකම්පනයක්

ඉන්දියාවේ, රික්ටර් මාපක 3.9ක භූකම්පනයක් සිදුව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරනවා. මෙම භූකම්පනය ඉන්දියාවේ, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ හටගෙන ඇති බවයි සඳහන්. අද (25) පස්වරු 03:36ට පමණ මෙම භූකම්පනය හටගෙන තිබෙන අතර කිලෝමීටර 5ක් පමණ පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
ආණ්ඩුවේ දේශපාලන රැකවරණය ලබන අපරාධකරුවන් සිටිනවාද යන සැකය මතු වෙනවා -පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ දේශපාලන රැකවරණය ලබන අපරාධකරුවන් සිටිනවාද යන සැකය මතුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඊයේ (24 දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මුලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව පැවසීය. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනයෙන් අනතුරුව විෂය භාර ඇමැතිවරයා විසින් කරනු ලබන ප්‍රකාශ නිසා එම සැකය […]
මිනුවන්ගොඩදී ටී – 56 පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

මිනුවන්ගොඩ පොලිස් වසමේ අඹගහවත්ත ප්‍රදේශයේදී ටී – 56 පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (24 ) සවස මෙම වැටලීම ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකර ඇත. එහිදී ටී – 56 ජීව පතරොම් 8ක් හා පුහුණු පතරොම් 15ක් සොයාගෙන තිබේ. සැකකරු අඹගහවත්ත, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53ක පුද්ගලයෙකු වන […]
ඉදිරි පැය 48ක කාලය තුළ ප්‍රදේශ කිහිපයක් සඳහා සුළු ගංවතුර තත්ත්වයක්

කළු ගඟ දෝණිය ආශ්‍රිතව ප්‍රදේශ කිහිපයක් සඳහා ඉදිරි පැය 48ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් කළු ගඟෙහි ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවය. […]
ජාතික ආරක්ෂාව තහවුරු කර ජනතාවට පොරොන්දු වුණ සහන ලබා දෙන්න – සමගි ජන බලවේගය මහ ලේකම්

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර ජනතාවට පොරොන්දු වුණ සහන ලබාදීමට වහාම කටයුතු කරන ලෙස සමගි ජනබලවේගය රජයෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය. ඊයේ (24 දා) එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වූ හෙතෙම එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට තිබෙන චෝදනා පිළිබඳව […]
තායිලන්තයේ රජුගේ මෑණියන් වන සිරිකිත් රැජිණ අභාවප්‍රාප්ත වෙයි

තායිලන්තයේ වජිරාලොන්ග්කෝන් රජුගේ මෑණියන් වන සිරිකිත් රැජිණ, 93 වැනි වියේදී අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඇය 2019 වසරේ සිට විවිධ රෝගාබාධවලින් පීඩා විඳි අතර ඊයේ ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බැංකොක්හී රෝහලක බවද තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ. ඇය පසුගිය 2016 වසරේදී අභාවප්ප්‍රාප්ත වූ තායිලන්තයේ දීර්ඝතම කාලයක් රජකම් කළ බූමිබොල් අදුම්යදේජ් රජුගේ බිරිඳද වේ. […]
ලොකු පැටී සහ කපුවා ලබන 31 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ

මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් මුදල් උපයා ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘ලොකු පැටී” සහ ඔහුට ආධාර අනුබල දුන්නේ යැයි කියන දේවාලයක කපුවෙකු ලබන 31 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (24 දා) නියම කළේය. මෙම සැකකරුවන් ඇපමත මුදාහරින ලෙස කර තිබෙන […]