ආණ්ඩුවේ දේශපාලන රැකවරණය ලබන අපරාධකරුවන් සිටිනවාද යන සැකය මතුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඊයේ (24 දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මුලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව පැවසීය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනයෙන් අනතුරුව විෂය භාර ඇමැතිවරයා විසින් කරනු ලබන ප්‍රකාශ නිසා එම සැකය ඇති වන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සංවිධානාත්මක අපරාධකරුවකු නම් ඔහුගේ ජීවිතය ආරක්ෂා කර ඔහු දන්නා තොරතුරු ලබා ගැනීමට කටයුතු නොකර ඔහුව දැන දැනම ඝාතනය වීමට ඉඩහැරීම ගැටලුවක් බවත් පැවසීය.
👁️ 3,220 Views