Advertise here

තායිලන්තයේ රජුගේ මෑණියන් වන සිරිකිත් රැජිණ අභාවප්‍රාප්ත වෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,320 Views

තායිලන්තයේ වජිරාලොන්ග්කෝන් රජුගේ මෑණියන් වන සිරිකිත් රැජිණ, 93 වැනි වියේදී අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඇය 2019 වසරේ සිට විවිධ රෝගාබාධවලින් පීඩා විඳි අතර ඊයේ ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බැංකොක්හී රෝහලක බවද තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇය පසුගිය 2016 වසරේදී අභාවප්ප්‍රාප්ත වූ තායිලන්තයේ දීර්ඝතම කාලයක් රජකම් කළ බූමිබොල් අදුම්යදේජ් රජුගේ බිරිඳද වේ.

මේ අතර ඇගේ මරණය සම්බන්ධව රාජකීය අවමංගල්‍යයක් සංවිධානය කරන ලෙසට වජිරලොන්කෝන් රජු තායි රාජකීය ගෘහ කාර්යාංශයට නියෝග කර ඇති බවද එම මාධ්‍ය වාර්තා කර තිබේ. එලෙසම රැජිණගේ දේහය බැංකොක්හි ග්‍රෑන්ඩ් පැලස්හි දුසිත් තෝර්න් ශාලාවේ තැන්පත් කරන බවට විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

👁️ 2,320 Views

More News..

Advertise here