රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් පස් දෙනෙකු ජීවිතක්ෂයට

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ යුක්‍රේනයේ ලපයිව්කා ගම්මානය ඉලක්ක කරගනිමින් බව වාර්තා වේ. ප්‍රහාරවලින් එකම පවුලේ 15 හැවිරිදි දැරියක් ඇතුළු සිව් දෙනෙකු මියගොස් තිබේ. එමෙන්ම ප්‍රහාර හේතුවෙන් ප්‍රදේශයේ විදුලිය ඇණහිටීම් ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.
මියන්මාරයේ ආගමික උත්සවයක් අතරතුර බෝම්බ ප්‍රහාරයක් – 24 දෙනෙකු ජිවිතක්ෂයට

මියන්මාරයේ ආගමික උත්සවයක් අතරතුර පැරෂූට යොදාගෙන බෝම්බකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් 24 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා තවත් 47 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. උත්සවයට සමගාමීව එරට ජුන්ටා හමුදා ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් ඉටිපන්දම් දල්වා ගත් උද්ඝෝෂණයක්ද පැවැත්වෙමින් තිබුණා. එරට ජුන්ටා විරෝධි මහජන ආරක්ෂක බලකාය පවසා තිබුණේ එම අවස්ථාවේ මෝටර් බලයෙන් ක්‍රියාත්මක වන පැරෂුටයකින් බෝම්බ […]
බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තියට සහ ඇයගේ සමීපතයින්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09)කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සැකකාරියගේ බැංකු ගිණුම් පහක් තහනම් කර තිබෙන බැංකු ගිණුම් අතර පවතින බවත් පොලීසිය පැවසුවේය. අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන […]
ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල 4,000 සීමාව ඉක්මවයි

ඊයේ (08දා) ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ස්පොට් රන් අවුන්සයක මිල ඩොලර් 4,011.18ක් ලෙස දැක්වුණි. මේ අතර ඊයේ මෙරට රන් මිල ද රු. 6,000කින් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි. ඒ අනුව පෙරේදා (07දා) රු. 290,500ක්ව පැවැති කැරට් 22 රන් පවුමක මිල ඊයේ […]
ඉන්දීය ධීවරයින් 47 දෙනෙකු සහ බෝට්ටු 5ක් නාවික හමුදා භාරයට

තලෙයිමන්නාරම සහ ඩෙල්ෆ්ට් දූපත් අසල මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වූ බවට චෝදනා එල්ල වූ ඉන්දීය ධීවරයින් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සමග බෝට්ටු 5ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ.
ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තීය ක්‍රියා මාර්ග තවත් දින 10ක් ඉදිරියට

ලංකා විදුලිබල මණ්ඩලය අවිධිමත් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය පළ කරමින් විදුලි වෘත්තීය සමිති ගෙන යන වෘත්තීය ක්‍රියා මාර්ග, තවත් දින 10ක් පමණ ඉදිරියට ගෙනයෑමට තීරණය කළ බව, විදුලි ඉංජිනේරු සංගමය පවසයි. ඒ අනුව අමාත්‍යාංශ නිලධාරීන් සමග ලිපි හුවමාරුව, සාකච්ඡාවලට සහභාගි නොවීම සහ ඔවුන්ගේ නියෝගවලට අනුගත නොවීමේ වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ඊයේ […]
පුහුණුවීම් අතරතුර පිහිණුම් තටාකයේ ගිලී දරුවෙකු මරුට

නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක තිබූ පිහිණුම් තටාකයක ගිලී දරුවෙකු මියගොස් තිබේ. මෙම අනතුර ඊයේ (08) සවස සිදුව ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ වයස අවුරුදු 05 ක් වූ තලපත්පිටිය, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙකි. පෙර පාසලේ ගුරුවරුන් සහ තවත් ළමුන් කණ්ඩායමක් සමඟ මෙම ළමයා පුහුණුකරුවෙකු යටතේ පුහුණුවීම් කරන අතරතුරදී දියේ ගිලී ඇති අතර පසුව කළුබෝවිල […]
අදත් ඇතැම් ප්‍රදේශවලට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත […]