Advertise here

බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,980 Views

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තියට සහ ඇයගේ සමීපතයින්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09)කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සැකකාරියගේ බැංකු ගිණුම් පහක් තහනම් කර තිබෙන බැංකු ගිණුම් අතර පවතින බවත් පොලීසිය පැවසුවේය.

අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණි.

ඉන් අනතුරුව අදාළ සැකකාරිය ලබන 23 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම වුණි.

👁️ 1,980 Views

More News..

Advertise here