Advertise here

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල 4,000 සීමාව ඉක්මවයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,260 Views

ඊයේ (08දා) ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව ස්පොට් රන් අවුන්සයක මිල ඩොලර් 4,011.18ක් ලෙස දැක්වුණි.

මේ අතර ඊයේ මෙරට රන් මිල ද රු. 6,000කින් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි.

ඒ අනුව පෙරේදා (07දා) රු. 290,500ක්ව පැවැති කැරට් 22 රන් පවුමක මිල ඊයේ රු. 296,000 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර පෙරේදා (07දා) 314,000ක්ව පැවැති කැරට් 24 රන් පවුමක මිල ඊයේ රු. 320,000 දක්වා ඉහළ ගොස් තිබේ.

👁️ 2,260 Views

More News..

Advertise here