ලංකා විදුලිබල මණ්ඩලය අවිධිමත් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය පළ කරමින් විදුලි වෘත්තීය සමිති ගෙන යන වෘත්තීය ක්‍රියා මාර්ග, තවත් දින 10ක් පමණ ඉදිරියට ගෙනයෑමට තීරණය කළ බව, විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
ඒ අනුව අමාත්‍යාංශ නිලධාරීන් සමග ලිපි හුවමාරුව, සාකච්ඡාවලට සහභාගි නොවීම සහ ඔවුන්ගේ නියෝගවලට අනුගත නොවීමේ වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ඊයේ (08දා) පැවැති මාධ්‍ය හමුවකදී විදුලි ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ඉංජිනේරු, ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පැවැසීය.
එලෙසම ඔවුන් මේ ගෙන යන්නේ වෘත්තීය ක්‍රියාමාර්ගවල සිව්වෙනි අදියර බවත්, මේ ක්‍රියා මාර්ගවලට මාසයකට අධික කාලයක් ගත වුණත් රජයෙන් තාම සාධනීය ප්‍රතිචාර නොලැබුණ බවත්, ඒ අනුව දින 10 ක් තව ලබා දෙන බවත් ඒ මහතා සඳහන් කළේය. ඊට යහපත් ප්‍රතිචාර නොලැබුණොත්, දැඩි ක්‍රියා මාර්ග වෙත යෑමට සාකච්ඡා කරන බවත් ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සඳහන් කළේය.
එලෙසම විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් රජය බලාපොරොත්තු වන ප්‍රතිසංස්කරණවලට විදුලි සේවකයන් විරුද්ධ නොවන බවත්, විරෝධය පළ කරන්නේ එය අවිධිමත්ව සිදු කිරීමට ගන්නා උත්සාහයට බවත්, විදුලි වෘත්තීය සමිති පවසයි.