ඇෆ්ගනිස්තානයන් ශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක්

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 169ක් රැස් කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 170ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායක රශිඩ් ඛාන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. පවර්ප්ලේ අවස්ථාවේ දී ඔවුන්ට රැස්කිරීමට […]

තරගය අතරතුර වු අනතුරෙන් පසු පිටියෙන් ඉවත් වුණ විනිසුරු

පකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ඊයේ (17) පැවති තරගය අතරතුර ශ්‍රී ලංකික විනිසුරු රුචිර පල්ලියගුරුගේ අනතුරකට මුහුණ පා තිබෙනවා. මෙම අනතුර සිදුවූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉනිමේ හයවැනි පන්දුවාරයේදීයි. එහිදී, පන්දු රකින්නකු පන්දු යවන්නා වෙත යොමු කළ පන්දුවක් නොසිතූ මොහොතක විනිසුරු රුචිර පල්ලියගුරුගේගේ හිස පිටුපස වැදී තිබෙනවා. මෙම සිදුවීමත් සමඟම පාකිස්ථාන ක්‍රීඩකයන් තරගය […]

ගිලන්රථයක් ලොරි රථයක ගැටීමෙන් අනතුරක්

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් වෙන්චර් වත්ත ප්‍රදේශයේදී අද (18) ගිලන්රථයක් අනතුරට ලක්වී තිබේ. අදාළ ගිලන්රථය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ සිට දික්ඔය මූළික රෝහල දක්වා රොගීන් දෙදෙනෙකු රැගෙන ගිය ගිලන්රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ එහි සිටි රෝගීන් දෙදෙනා වෙනත් […]

දඹුල්ල සතිපොළ භූමියේ කඩ කාමරයක ගින්නක්

දඹුල්ල මහනගර සභාවට අයත් දඹුල්ල සතිපොළ භූමියේ කඩ කාමරයක් තුළ අද (18) අලුයම ගින්නක් හට ගෙන තිබුණි. දඹුල්ල නගර සභාවේ සේවකයෙකු අලුයම සේවයට වාර්තා කරන අවස්ථාවේ දී ගින්න දැක වහාම ගිනිනිවන ඒකකය දැනුවත් කිරීමෙන් පසුව ගින්න මැඩපැවැත්වීමට හැකිව තිබේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න හටගත් කඩ කාමරය තුළ දඹුල්ල මහනගර සභාව මඟින් පොලිතින් […]

තිස්සමහාරාමයේ ඇළක තිබී පුද්ගල මළ සිරුරක්

තිස්සමහාරාම පොලිස් වසමේ සඳුන්ගම ප්‍රගති මාවත ප්‍රදේශයේ ඇළක තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ. ඊයේ (17) සවස් කාලයේ තිස්සමහාරාම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු අවුරුදු 45ක තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  මරණකරු සිය මිතුරකු හා ඇතිවූ පුද්ගලික ආරවුලක් මත මිතුරා විසින් බෝතලයකින් පහරදී දියේ ගිල්වා මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට […]

බැකෝ සමන්ගේ බිරිඳ ලබන 25 දක්වා රිමාන්ඩ්

මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය ලබන 25 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. එදින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් නියම ක‍රනු ලැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සැකකාරියගේ නීතිඥවරු ඉදිරිපත් […]

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද

ආසියානු කුසලාන පන්දුවාර 20 තරගාවලියේ ‘ඊ‘ කාණ්ඩයේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව මේ දක්වා ක්‍රීඩාකළ තරග දෙකම ජයගෙන ලකුණු 4ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර ඔවුන් දැනටමත් සුපිරි හතරදෙනාගේ වටය පෙනෙන මානයටම පැමිණයි සිටිනවා. මෙය ‘ඊ‘ කාණ්ඩයෙන් සුපිරි හතර දෙනාගේ වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක […]

අමෙරිකාවේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට

අමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා (Pennsylvania) ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. තවත් දෙදෙනෙකු බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවයි නිලධාරීන් සඳහන් කරන්නේ. “ගෘහස්ථ ආරවුලක්” සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක් අතරතුරයි මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ. පෙන්සිල්වේනියා ප්‍රාන්ත පොලිස් කොමසාරිස් කර්නල් ක්‍රිස්ටෝපර් පැරිස් (Christopher Paris) පවසා ඇත්තේ, වෙඩි […]

විදුලි වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර වේ

සිය ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරන බව විදුලි වෘත්තීය සංගම් පවසයි. එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ තවත් අදියරක් ලෙස ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රිමායාර්ගය ඊයේ (17) දිනයෙන් ආරම්භ කරුණු ලැබීය. ඒ අනුව එම වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත් අද ක්‍රියාත්මක කෙරෙන බව විදුලි වෘත්තීය සංගම් සඳහන් කළේය. කෙසේවෙතත් […]

අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ […]